Apple iphone 11,11 pro and 11 Max Released



ඇපල් සමාගමේ අලුත්ම අයිෆෝන් 11 සහ 11 PRO ගැන දැනගමු.

Display එක අගල් 6.1ක් ද පිටුපස කැමරා දෙකක්ද ඇපල් සමාගමේ නවතම chip-set එක A13 මෙහි ඇතුලත්කර, බාහිර පෙනුම බොහෝ සෙයින් මීටපෙර නිකුත් වූ iPhone XR වලට සමානව මෙම අයිෆෝන් 11 නිර්මණයකර තිබෙනවා. නමුත් ඇතුලත Performance iPhone XR වලට සාපේක්ෂව ඉතාමත් ඉහලයි. ඇපල් සමාගමේ හදුන්වන පරිදි දැනට නිකුත්වී ඇති ස්මාර්ට් ජ‍ංගම උපාංග අතුරින් වේගවත්ම ස්මාර්ට් උපාං‍ගය මෙය වන බවයි.

මෙහි පිටුපස ඉහල කැමරාව 12MP wide-angle සහ පහත කැමරාව 12 MP ultra-wide dual camera පද්ධතියක් ඇතුලත් කර තිබෙනවා. ඒවගේම night mode option එක වඩාත් වැඩිදියුණුකර තිබෙනවා.


ඒවගේම අයිෆෝන් එකෙන් වීඩියෝවක් නරඹනවිට අයිෆෝන් එක වටා 3D sound effect එකක් නිර්මාණය වෙනවා. මෙය Spatial Audio යන නමින් ඇපල් සමාගම හදුන්වනවා. ඉදිරිපස ඇති selfi කැමරා එක මගින් Slow motion selfieලබාගැනීමට දැන් පුළුවන්. එම කැමරාවෙන්ම 4K (60fps) video record කරන්නත් පුළුවන්.

ඔයාලා දන්නවා ඇති සෑම වසරකම අලුතෙන් අයිෆෝන් එකක් ආවම එම උපාංගවල මිල ගණන තරමක් ඉහලයි. නමුත් මෙවර ගියවර නිකුත්කල අයිෆෝන් XR වලට වඩා ඩොලර් 50ක් අඩුවෙන් තමයි iPhone 11 හි මිල තීරණයකර තිබෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ වටිනාකම 699$ ක් වෙනවා. බාහිර පෙනුම තෝරාගැනීමට වර්ණයන් 6ක්ම මෙවර තිබෙනවා.

iPhone 11 Pro සදහා අඟල් 5.8ක Display එකක්ද, Pro Max සදහා අඟල් 6.5ක ප්‍රමාණයෙන් යුතු Display එකක්ද ඇතුලත් වෙනවා. බැටරි බලය මින් පෙර නිකුත්වූ iPhone XR වලට සාපේක්ෂව තවත් පැය 4-5ත් අතර කාලයක් එකතු වෙනවා. Super Retina XDR display එකක් සහිතයි.

iPhone 11 Pro ජංගම දුරකථනය ඩොලර් 999ක මුදලකටත්, iPhone 11 Pro Maxජංගම දුරකථනය ඩොලර් 1099ක මුදලකටත් අලෙවි කිරීමට Apple සමාගම තීරණය කර ඇති අතර සැප්තැම්බර් මස 20 වැනි දින සිට අලෙවි කිරීම් සිදු කරනවා.

මේ අයිෆෝන් 11 මිලදීගන්න කප්රුක ඔන්ලයින් වෙබ් අඩවිය විශේෂ වෙබ් පිටුවක් නිර්මාණය කර තිබෙනවා. මෙතනින් පිවිස ORDER එක දාන්න.








Comments

Popular posts from this blog

Old Sinhala Font